IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියවරු විරෝධයක

(සිතුම් චතුරංග)
           
වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(24) වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට යාපනය , නුවර ඒ නවය ප්‍රධාන මාර්ගය අවහිරකරමින් විරෝධතාවක නිරතවූහ.
           
විරෝධතාකරුවන් පවසා සිටියේ මඩුකන්ද ජාතික පාසලේ සිසු සිසුවියන් 750 අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබන නමුත් ඔවුන්ට උගැන්වීමට සිටින්නේ ගුරුවරුන් 34දෙනෙකු පමණක් බවයි. මේ හේතුවෙන් ගුරුවරුන්ද අපහසුතාවට පත්ව ඇති අතර, ඇතැම් ගුරුවරුන්ට රාත්‍රී කාලයේදී ද ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට සිදුව ඇති  බව පැවසූහ.
 
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභා මන්ත්‍රී උපාලි සමරසිංහ මහතා පවසා සිටියේ වවුනියාව මඩුකන්ද ජාතික පාසල වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිංහල පාසල වන බවත් මේ වන විට උසස් පෙළ විෂයන් සඳහා ගුරුවරුන් නොමැති බවත්ය. ගණිතය , විද්‍යාව ඇතුළු ප්‍රධාන විශයන් කිහිපයක් සඳහා එකදු ගුරුවරයකුවත් නොමැති අතර කලා (චිත්‍ර) විෂයට පමණක් අනුයුක්ත කළ ගුරුවරු තිදෙනෙකු සිටින බැවින් අවශ්‍ය විෂයන් සඳහා බලධාරීන් ගුරුවරුන් ලබානොදීම කනගාටුවට කරුණක් බව කීවේය.
           
ගුරු හිඟය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශය වැසීයාමේ තත්වයක් උද්ගතව ඇති අතර  උතුරු පළාත් සභාවේ අධ්‍යාපන බලධාරීන් තුළ පවතින ජාතිවාදී හැසිරීම් වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් තුළ ගුරු හිඟය නිර්මාණයකොට ඇති බවද සඳහන් කළේය.
           
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි වවුනියාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. රාධාක්‍රිශ්ණන් මහතා ගුරුහිඟය සති දෙකක කාලයක් තුළ විසඳන බවට ලිඛිතව පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණ.
           
විරෝධතාකරුවන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් රථවාහන ධාවනය අඩාලවූ අතර වවුනියාව පොලිස් නිලධාරීහු විකල්ප මාර්ග භාවිතාකොට රථවාහන පාලනය කිරීම සඳහා පියවරගත්හ.



අදහස් (0)

පාසලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියවරු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site