(ප්‍රදීප් කුමාර)
වවුනියාව මුන්ඩිමුරුප්පුව ගුණානන්ද ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා පාසලේ මව්පියවරු සහ සිසුහු අද(16) විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් පවසා සිටියේ කාලයක පටන් පාසල් ගුරු හිඟය පැවතුණද, ඊට බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණු බවයි. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සිසුන්ට උගැන්වීම වෙනුවෙන්වත් පාසලේ ගුරුවරුන් නොමැති බවද ඔවුහු කීහ.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලනඥයෝ හා අධ්‍යාපන බලධාරීහු ද සහභාගී වූ අතර, ඔවුන් මේ සඳහා තාවකාලික සහ දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන්ද විරෝධතාකරුවන් දැනුවත් කළහ.
මෙම ගැටලුවට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී තමන් ඊටද එරෙහිව කටයුතු කරන බව කී විරෝධතාකරුවෝ විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd