IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පානදුර වෙරළේ මළ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර වෙරළ උද්‍යානය ආසන්නයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද(13) හමු වූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
 
මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලිස් හදිසි දුරකථන ඇමතුමට ලද පණිවුඩයක් අනුව එය සොයා ගෙන ඇත.
 
අවුරුදු 60-67ත් අතර වයසක පසුවන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක්  බවද, සරමකින් සහ අත්කොට කමිසයකින් සැරසී සිටි බවද පොලිසිය කියයි.
 
මෙම තැනැත්තා ඊයේ(12) දවස පුරා මුහුදු වෙරළ ආසන්නයේ සිටිමින් පොල් රා පානය කරමින් සිටි බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
මළ සිරුර කවරකුගේදැයි හඳුනාගන්නා තෙක් පානදුර මූලික රෝහලේ තැන්පත් කළ බව පොලිසිය පවසයි.



අදහස් (0)

පානදුර වෙරළේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site