(ටී .එච්. සරත් )
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ 14 වැනි මහා රැස්වීම අද (23) තලාතුඔය පිහිටි එම සභා කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අද දින කළුපටි පැළඳ සභා ගර්භයට පැමිණියහ.
කළු පටි පැළදඒමට හේතුව පැහැදිලි කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රී පද්ම ශාන්ත ද සිල්වා මහතා මෙසේ කීය.
ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීම, රිෂාඩ් බදියුදීන් මේ රටට කරනු ලැබූ අකටයුතුකම් වලට විරෝධය පෑම, මංගල සමරවීර අමාත්‍යවරයාගේ සිංහල බෞද්ධ රටක් නොවේ යන ප්‍රකාශයට විරෝධය පෑම හා තව්හීත් ජමාත් දොස්තරවරයකු විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000 දෙනෙකු වඳභාවයට පත්කිරීම යන කරුණුවලට එරෙහිව මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධතාවයේ නිරතවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දිය යුතුයි....