(ශාන්ත ප්‍රදීප්කුලරත්න)
හෝමාගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරුමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය කියයි.
ප්‍රහාරයෙන් මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස ජනෙල් කිහිපයකට, මෝටර් රියට සහ යතුරු පැදියට හානි වී ඇත.
අද අලුයම 2.30 ට පමණ නිවසේ ඉදිරිපසින් ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේදී ප්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදියකින් පැමිණ සිටි පුද්ගලයින් තිදෙනකු පළා ගිය බවට මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd