IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට


(චමිල් රූපසිංහ)
 
මහනුවර දෙයියන්නේවෙල නාගස්තැන්න ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කිරීම සඳහා කාණුවක් කපමින් සිටි දෙදෙනෙකු මතට  අද ( 26) පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
 
අනතුර මියගොස් ඇත්තේ අනුරාධපුරයේ පදිංචි ඩී.එස් පද්මසිරි (65) නැමැති අයෙකි.
 
මියගිය පුද්ගලයා හා අනෙක් පුද්ගලයා දෙයියන්නේවෙල ප්‍රදේශයේ නැවතී මෙම බැම්ම ඉදි කිරීමේ කටයුතු වල නිරතව සිටි ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
 
පස් කන්ද කඩා වැටීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව එක් පුද්ගලයෙකු සුළු වේලවක් තුළ ගොඩට ගෙන රෝහල් ගතකර ඇත.පස් වලට සම්පූර්ණයෙන්ම යටවී සිටි අනෙක් පුද්ගලයා ගොඩගෙන රෝහලට රැගෙන යන විට මියගොස් ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (0)

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site