(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)
කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් තරුණයකු අද (16) මිය ගිය බව පොලිසිය පවසයි.
තුවාලලැබූ අනෙක් පුද්ගලයා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
කහවත්ත නීලගම වතු යායේ අංක හතර කොටසේ අනවසර මැණික් පතලක් මෙලෙස කඩා වැටී ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ සමන්ත සංජීව නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.