
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
මිනිස් හෝ සත්ව පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත්ව තිබු කන්ටේනර් දෙකක පටවා තිබු සැමන් ටින් තොගයක් සත්ව ආහාරයට ගැනීමට තිබියදී සොයා ගෙන එම සැමන් ටින් හලාවත බංගදෙණිය රජයට අයත් වත්තක වල දමා ඇති බව වයඹ හඬ පරිසර සංවිධානය අද (17) හලාවත පොලිසියට පැමිණිලි කර ඇත.
එම සංවිධානයේ කැඳවුම්කරු අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (17) දහවල් බංගදෙනිය ප්‍රදේශයේ පිහිටි පශු සම්පත් මණ්ඩලයට අයත් සත්ව ගොවි පලකට ගොස් සිදු කරණ ලද නිරීක්ෂණයකින් පසු මෙසේ පැමිණිල්ලක් දැමු බව අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම සැමන් ටින් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය කර ගැනීමෙන් පසු රාජසන්තක කරන ලද බවත්, පසුව මෙම සැමන් තොගය පශු සම්පත් මණ්ඩලයේ බංගදෙනියේ පිහිටි සත්ව ගොවිපලේ ඇති කරනු ලබන ඌරන්ගේ ආහාරයට නිදහස් කරන ලෙසට එම මණ්ඩලය විසින් කර තිබු ඉල්ලිමක් අනුව එම සැමන් කන්ටේනර් 2ක පටවා මෙම ගොවිපල වෙත යවන ලදී.
නමුත් එම සැමන් මිනිස් හෝ සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට නොහැකි ලෙසින් නරක් වී තිබූ බවට ලද තොරතුරක් අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමෙන් පසු වල දැමූ බව දැනගන්නට ලැබිණි. අනතුරුව එහි ගොස් මේ සම්බන්ධයෙන් සොයා බැලූ විට එම සැමන් ටින් වල දමා තිබුණත් එම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර තිබු බවත් ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් විමසු විට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසූයේ සත්ව ආහාර වශයෙන් යොදා ගැනීමට ගෙන ආ මෙම සැමන් තොගය සත්ව ආහාරයකට පවා නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා හලාවත පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය මත බැකෝ යන්ත්‍රයක් යොදා විශාල වලක් හාරා වල දැමීමට පියවර ගත් බවයි.
මේ සම්බන්ධයෙන් ව්‍යඹ පරිසර අධිකාරියේ නිලධාරින් ද පැමිණ වල දැමු ස්ථානයෙන් දුර්ගන්ධය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත් බවත් කීය.
හලාවත පොලිසිය මෙස් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරයි

2025 දෙසැම්බර් මස 18
310
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිභෝජනයට නුසුදුසු සැමන් ටින් තොගයක් වලදමයි