(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කලුතර මාර්ගයේ ජාතික පාසල ඉදිරිපිට පදික මාරුව මතින් ගමන්ගත් තරුණයකු අද(15) කැබ් රථයක ගැටී මිය ගිය බව බණ්ඩාරගම පොලිසිය පවසයි. අනතුර සිදු කළ කැබ් රථ රියදුරා පලාගොස් ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ නොච්චියාගම හල්මිල්ලෑව පදිංචිව සිටි බුද්ධික තිලකරත්න නමැති 19 හැවිරිදි තරුණයෙකි.
අනතුරින් තුවාල ලැබූ තරුණයා සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
අනතුර සිදුව අයුරු පාසලේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්වී ඇතැයි පොලිසිය කියයි.
කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට පර්යේෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd