IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නේපාලයේ ලුම්බිණි නුවර සංරක්ෂණයට ශ්‍රී ලංකාවේ සහාය

(තිළිණි ද සිල්වා )

ගෞතම බුදුන් උපත ලැබූ  නේපාලයේ ඓතිහාසික ලුම්බිණි නුවර සංරක්ෂණය කරන ලුම්බිණි  ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නේපාලයට සහය දීමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා අවසන් කළ සිය නේපාල සංචාරය අතරවාරයේදී මෙම ශ්‍රී ලංකාව මෙලෙස සහාය දීමට පොරොන්දු වූ බව එම අමාත්‍යාංශය පෙන්වා දේ.

ඓතිහාසික ලුම්බිණි පුදබිම සංරක්ෂණය කිරීම සහ එහි පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ලුම්බිණි  ප්‍රධාන සැලැස්මේ අරමුණ වේ.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි පුදබිම වෙතට වාර්ෂිකව  50 ,000 කට අධික ලාංකික බැතිමතුන් පිරිසක් එම පුදබිම වැඳපුදා ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.


මීට අමතරව ශ්‍රී ලංකා සහ නේපාල ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති හමුවීමේදී  දෙරට අතර සංචාරය කරන සංචාරකයන් හා කලාපයට පිටතින් පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා මුලපිරීමක් වශයෙන් බෞද්ධ සංචාරක  ප්‍රදේශයක්’ ප්‍රවර්ධනය කිරීමේ හැකියාවද නායක දෙපළගේ සාකච්ඡාවට බඳුන්  වූ බවද  එම අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (0)

නේපාලයේ ලුම්බිණි නුවර සංරක්ෂණයට ශ්‍රී ලංකාවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site