IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නීති විරෝධී දුම්වැටි 8400 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීති විරෝධී දුම්වැටි තොගයක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද (06) කරුවලගස්වැවදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අදාල සැකකරුවන් හා රුපියල් ලක්ෂ හයකට ආසන්න සිගරට් 8400 ක් වෑන් රථයකින්  ප්‍රවාහනය කරමින් සිටියදී  අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිගරට් තොගය විදේශ රටකින් තීරු බදු රහිතව රැගෙන විත් ඇති බවත් එසේ රැගෙන එන සිගරට්  වෙළද සැල් වෙත අලෙවි කිරීම සිදුව ඇති බවත් විමර්ශනවලදි හෙළිවි තිබේ.

එසේම මෙම සිගරට් ශ්‍රී ලංකාව තුල අළෙවි කිරීම තහනම් බව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීයෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සිගරට් තොගය , සැකකරුවන් සහ වෑන් රථය සාලියවැව පොලිසියට භාර දී ඇත.

සැකකරුවන්  හෙට (07) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

නීති විරෝධී දුම්වැටි 8400 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1759 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1445 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site