(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ජනපදයේ දකුණු ඉවුරේ පිහිටි ඉඩමකින් නීති විරෝධීව කපන ලද බව කියන තේක්ක දැව කඳන් 40ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය පැවසීය.
පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) මගින් ලද තොරතුරකට අනුව ඊයේ (19) සවස මෙම වැටලීම සිදුකළ බවත් එම අවස්ථාවේදී එහි සිට පලාගිය බව කියන තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරයි.
මෙම තේක්ක දැව ගස් පිහිටි ඉඩම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පවතින ආරවුලක් හේතුවෙන් අදාළ ප්‍රදේශය බාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ තහනමට ලක්ව නීතිමය කටයුතු කරගෙන යමින් පවතින එකක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අත් අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම පිළිබඳව දැව සංස්ථාව මගින් තක්සේරු වාර්තාවක් ලබා ගැනීමටත්, අනතුරුව සැකකරු සමග එම දැව තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 30
39
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීති විරෝධී තේක්ක දැව කඳන් සමග අයෙක් අත්අඩංගුවට