ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අද(22) නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.​

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කළ මුර සංචාරයක් අතරතුරදී තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක් සහ තහනම් ධීවර දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.