නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, චැපල් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් 23, 26, 29, 30, 32, 35, 36, 37 සහ 38 වන වියෙහි පසුවන කින්නියා සහ ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අල්ලන ලද අලගුඩු වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 50 ක්, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ මිටර් 250 ක් දිගැති නීති විරෝධී ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.