IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ 2 ක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)     

හලාවත උඩප්පුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක තිබි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාවේ වයඹ විධානයේ නිලධාරියෙකු පැවසීය.

නාවික හමුදාවේ පුත්තලම වයඹ නාවික විධානයට අයත් මුර සේවා යාත්‍රාවක් හලාවත උඩප්පුවට ආසන්න ගැඹුරු මුහුදෙහි යාත්‍රා කළ සැකකටයුතු ධීවර යාත්‍රාව ලුහු බැඳ ගොස් නවතා පරීක්ෂා කර තිබේ.

එම ධීවර යාත්‍රාව පරීක්ෂා කළ අවස්ථාවේ දී යාත්‍රාවේ සඟවා තිබු බීඩි කොළ කිලෝ 600 ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුල්මුඩේ කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයන් පදිංචි අවුරුදු 26 ක් හා 31 ක් වයසැති පුද්ගලයන් බව එම නිලධාරියා පැවසීය.

බීඩි කොළ තොගය හා සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණයන් සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අයත් මුන්දලම සින්නපාඩුව කාර්යාලය වෙත භාර දි ඇත.



අදහස් (0)

නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site