(නිමල් ජයරත්න)
 
මාදුරුඔය නිදන්වල ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීතිවිරෝධීව වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය පවසයි.
 
අත්අඩංගුවට ගත් පිරිස අරලගංවිල, නිදන්වල සහ ඒ අවට ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
එම පිරිස සමග බැකෝ යන්ත‍්‍රයක් සහ ටිපර් රථ හතරක්ද සිය බාරයට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය කියයි.
 
සැකකරුවන් හෙට(14) මනම්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.