(කටුනායක ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු කෑගල්ල, වරකාපොල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි රියැදුයෙකි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ, මෙම දුම්වැටි තොගය අසුරා ගෙන සඟවා තිබූ අතර, රේගු නිලධාරීන් විසින් ඒවා සොයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එහි රුපියල් 16,28,000 ක් වටිනා දුම්වැටි 29,600 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු නිලධාරිහු සිදුකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd