තුසිත කුමාර ද සිල්වා
බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබූ නීතීවිරෝධීව තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3400ක් අඩංගු කාටුන් 17ක් සමග සැකකරුවන් තිදෙනෙකු (30) දා සවස බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම දුම්වැටි තොගය රුපියල් ලක්ෂ 3කට ආසන්න බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් පළමු සැකකරු මෙයට මාස 6කට පෙරද මෙවැනිම වරදකට පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බවත් බේරුවල පොලිසිය වැඩිදුරටත් කියයි.
සැකකරුවන් වයස 35, 38, 40 වයස්වල පුද්ගලයන් බව කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න , කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස , බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිසියේ දූශන මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ , පොලිස් සැරයන් සිරිරත්න(72887), පොලිස් කොස්තාපල්වරුන් වන මදුරංග(92505), සමීර(95174), සිවිල් ආරක්ෂක සහයක දර්ශන(76161) යන මහත්වරු වැටලීම සිදු කර සැකකරුවන් හා දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධිව ගෙන්වූ දුම්වැටි තොගයක් බේරුවලදී අත්අඩංගුවට