IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නීතිඥ මාෂල් පෙරේරා අවසන් ගමන් යයි

(ප්‍රසන්න පත්මසිරි)

ඌව,සබරගමුව සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (3) සවස බදුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි .

බදුල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි ඒ මහතාගේ  නිවසෙහි තැම්පත් කළ තිබු දේහය පස්වරු 2.00 ට බදුල්ල අධිකරණ සංකීර්ණයට රැගෙන ආවෙිය.

පසුව එහිදී  විනිසුරු, නීතිවේදීන් හා අධිකරණ කාර්ය මණ්ඩලවල සාමාජිකයෝ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුහ.

ඉන් අනතුරුව ඌව පළාත් සභාවට රැගෙන විත් එහි විනාඩි තිහක කාලයක් තැම්පත් කිරීමෙන් පසු නගරයේ විල්ස් පාක් ක්‍රීඩාංගනයට ගෙනවිත් ආගමික වතාවත් හා ගිහි පැවිදි අනුශාසනා හාකතාවන්ගෙන් පසු බදුල්ල පොදු සුසාන භුමියේ දි මිහිදන් කටයුතු සිදු කළේය.

මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩිලාන් පෙරේරා මහතාගේ සහ ක්‍රිෂේලි පෙරේරා මහත්මියගේ පියාණන්ය විශ්‍රාම ලත් පාඨශාලාචාරිනි දයා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂ යාය.

අවසන් කටයුතු සිදු කළ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වුහ.

 



අදහස් (0)

නීතිඥ මාෂල් පෙරේරා අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site