IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 26 ක් හදිසියේ රෝහල්ගත කරයි

( රංජිත් රාජපක්ෂ )    
                                                                      
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු හදිසියේ රෝගාතුර විමෙන් දික්ඔය මුලික රෝහල වෙත අද (11) ඇතුළත් කළ බව එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිනි බෙංජමින් මහත්මිය පැවසුවාය.

එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණයන් 7 දෙනෙකු සහ තරුණියන් 19 දෙනෙකු හදිසියේ රෝගාතුර වූ නිසා රෝහල් ගත කළ බව විදුහල්පතිනිය සඳහන් කළාය.

රෝහල්ගත කළ තරුණ, තරුණියන් අතරින් එක් තරුණියක්  පමණක් තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු තරුණ තරුණියන් රෝහලේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරව පිටවී ගොස් තිබේ.

 එම පිරිසට අද (11) දින නිවාඩු ලබා දුන් බව විදුහල්පතිනිය කියා සිටියාය.

ජුකී මැෂින්, පරිගණක, විදුලි කාර්මික ඇතුළු විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් තරුණ තරුණියන් 135 දෙනෙකු තම පාසල තුළ පුහුණුවිම් ලබන බවත්, අද (10) එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට දිවා ආහාරය අනුභව කල තරුණ තරුණියන් අතරින් 26 දෙනෙකු පමණක් පාචන රෝගය වැළදී ඇති බවට රෝහල් ආංරංචි මාර්ග සඳහන් කළ බව  විදුහල්පතිනිය සඳහන් කළාය.



අදහස් (1)

නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 26 ක් හදිසියේ රෝහල්ගත කරයි

පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 07:46 AM

ලංකාවේ ආහාරයක් නොදී කොලෙස්ටරෝල් අධික දහ ජරාව මේ ළමයින්ට දුන්න කෙනාට මුලින්ම පුහුණුවක් දෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site