බිමල් ශ්‍යාමන් ජයසිංහ
නැගණිය සමඟ නිවස තුළ සෙල්ලම් කරමින් සිටි 13 හැවිරිදි දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇති බවට හොරණ මුලික රෝහලේ අද (6) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ඉංගිරිය පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය පාදුක්ක මාර්ගයේ පදිංචිව සිටි ජනිදු අවිශ්ක නැමැති දරුවාය.
මව දිය නාමින් සිටින අතරතුර දී මියගිය දරුවා නිවසේ සාලයේ බිම නිදාගෙන සෙල්ලම් කරමින් සිටියදී සාලයේ තිබෙන මාලු ටැංකියට ඇද තිබෙන වයරයකින් හෝ විදුලි පේනුවකින් විදුලිය කාන්දු වී මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd