IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කළ කන්ටේනරයක් කරුවලගස්වැවදී පෙරැළෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
යුද හමුදාවට අයත් කන්ටේනරයක්  පුත්තලම අනුරාධපුර  මාර්ගයේ කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයෙදී අද (26 ) පෙරැළී ගිය බව කරුවලගස්වැව පොලිසිය කියයි.
 
කටුනායක ගුවන් තොටුපල සිට යාපනය කොඩිකාමන්  නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කරමින් තිබු යුද හමුදාව කුලි පදනමට ලබා ගෙන තිබු කන්ටේනර් රථය රථයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කර ගැනිමිට නොහැකිව මාර්ගය වසා දමමින් පෙරැළී  ඇති බව පොලිසිය කියයි.
 
 ලෙබනන් සිට අද අලුයම ශ්‍රී ලංකාව පැමිණ තිබු 179 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට පැමිණිමේන් පසුව නිරෝධායනය සදහා යාපනය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බව කියයි.
 
මෙම  පිරිස බස් රථ මගින් යුද  හමුදා ආරක්ෂාව යටතේ යාපනයට රැගෙන යමින් තිබු බවත් මොවුන්ට අයත් ගමන් මළු  අනතුරට ලක්වු කන්ටේනර් රථයේ යාපනය දක්වා රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.
 
අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් එකවර  රෝදයක් පුපුරා යාමේන් පසුව රියදුරා රථය පාලනය කර ගනිමින් මිටර් 200 කට පමන දුරකට පාලනය කර තිබුනද ඒ සමඟ අනෙක් ටයරයද පුපුරා ගොස් යාමේන් පසුව එය පාලනය කර ගැනිමට නොහැකිව පෙරළි ගොස් ඇති බව පොලිසිය පවසයි.
 
කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මාර් ගයේ කිසිවකු ගමන් කර නොතිබිම නිසා ජීවිත හානි හෝ වෙනත් හානියක් සිදුව නැති බව කියයි. අදාල කන්ටේනර් රථය මාර් ගයෙන් ඉවත් කිරිම සදහා යුද හමුදාව හා පොලිසිය කටයුතු කරමින් තිබුණි.

 



අදහස් (0)

නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කළ කන්ටේනරයක් කරුවලගස්වැවදී පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site