(මහේෂ් කිර්තිර්ත්න)
නිරෝධායන නීතිරිති උල්ලංඝණය කරමින් මාතලේ පලාපත්වල සහ කවටයාමුණ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් අද(26) වටලා කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් 9දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
පලාපත්වල ප්‍රදේශයේ වැටලු මධ්‍යස්ථානයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කවටයාමුණ ප්‍රදේශයේ මධ්‍යස්ථානයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
කොරොනා වංසගත තත්වය හමුවේ මෙම මධ්‍යස්ථාන විවෘත නොකර තබන ලෙස දැනුම් දි තිබියදි නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවත් මීට පෙරද මෙම මධ්‍යස්ථාන වටලා ඇති බවත් ඒ පිළිබදවද අධිකරණයට කරුණු වාර්තා කරන බවද පොලිසිය කියයි.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd