(කාංචන කුමාර ආරියදාස)
නිධානයක් හෑරීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද උඩුදෙණිය වාසුවිලා හෝටල් හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පිහිටි ගලක නිධන් හැරීමට ගිය අවස්ථාවේ දීය.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
කාන්තාවක් විසින් මෙම නිධන් හෑරීම මෙහෙයවා ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ජිවක බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
නාලන්ද උඩුදෙනිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමි කාන්තාවක් විසින් කණ්ඩායමක් යොදවා එම කාන්තාවගේ හෝටල කාමරවල එම පිරිසට නවාතැන් ලබාදී හෝටලයේ විදුලි මීටරයෙන් වයර් යොදාගෙන විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන යාන්ත්‍රික මෙවලම් යොදාගෙන කළු ගලක් අඩි 20ක් පමණ හාරා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මේ ස්ථානයේ ගල් කුහරය තුළ විශාල ගල් දොරක් තිබෙන බවත් ඒ තුළ වස්තුවක් තිබෙන බවට විශ්වාස කර කාන්තාව සමඟ එක්වී දෙකෙන් පංගුවට නිධානය ගැනීමට ගිය බවයි.
අත්අඩංගුවට ගත් තිදෙනා අනුරාධපුර සහ දියබෙදුම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගල්විදින යන්ත්‍ර , වෙඩිබෙහෙත් ,පුජා භාණ්ඩ උදලු , යකඩ කටු වයර් ආදී උපකරණ තොගයක් පොලිසිය බාරයට ගැණිනි.
2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
784
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිධානයක් හැරීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට