IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිධන් හැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය සැකකරුවන් සිව්දෙනෙකු සමඟ අධි තාක්ෂණයෙන් යුත් නවීන ස්කෑනර් යන්ත්‍රයක් අද (7)  හමුවූ බව මාන්කුලම පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් මෙතෙක් හමු නොවූ වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් ද සැකකරුවන් ගමන් කළ මෝටර් රථයේ තිබී හමු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සැකකරුවන් සිව්දෙනා සුකෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරන අතරතුර මාන්කුලම් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු මහියංගනය ප්‍රදේශයේ රත්තරන් වෙළඳසැළක හිමිකරුවකු වන බව සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

එම ස්කෑනර් යන්ත්‍රය මගින් අඩි 54 ක ගැඹුරක් මෙන්ම මීටර් 30 ක වපසරියක භූමි ප්‍රමාණයක් එකවර පරික්ෂා කළ හැකි අධි තාක්ෂණයකින් යුත් මෙම ස්කෑනර් යන්ත්‍රය ඩුබායි රටේ සිට රැගෙනවිත් ඇති බවටද පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් සිව් දෙනා අතර විශ්‍රාමික සාජන් මේජර්වරයකු ද සිටින අතර ඔවුන්ගෙන් එක් අයුකු මහියංගනය ප්‍රදේශයේත් අනෙක් තිදෙනා බදුල්ල ප්‍රදේශයෙත් පදිංචිකරුවෝ වෙති.



අදහස් (0)

නිධන් හැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site