(නවරත්න සමරතුංග)
අම්පාර මහඔය හෙනානිගල විහාරස්ථානයට නුදුරින් පිහිටි වනගත ප‍්‍රදේශයේ නිදන් හෑරීමට පැමිණ සිටි බව කියන පුද්ගලයින් හතර දෙනෙකු අද (14) අත්අඩංගුවට ගත් බව මහඔය පොලිසිය පවසයි.
මහඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් එම ප‍්‍රදේශයට ගොස් සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පැමිණි ජීප් රථයක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබුණ භුගත නිදන් වස්තු පරීක්ෂා කර බැලීමේ උපකරණයක්ද පොලිසිය භාරට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙකු ”ලංකාදීප”යට පැවසීය.
මෙම පිරිස වෙන්නප්පුව ප‍්‍රදේශයේ සිට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd