(ටෝනි කරුණානායක) 

නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේ දෙමහල් නිවසක  පහත මාලයේ අද (09) ඇති වූ ගින්නකින් එහි සිටි සුරතල් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පැවසීය.

නිවසේ තිබූ ත්‍රී රෝද රථයක් ද ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය කීය.

සුරතල් මසුන් සිටි ටැංකි පුපුරා යාමෙන් සුරතල් මසුන් මියගොස් ඇති අතර ගින්නට හසු වීමෙන් කුඩු වල සිටි 

පරවියන් ඇතුළු විවිධ වර්ගයේ කුරුල්ලන් රැසක් ද කුඩූ තුළම මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක්  අනාවරණය වී නොමැති අතර නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.