( රොහාන් කුමාර දිසානායක)
පොරෝ මිටෙන් නැන්දම්මාට පහරදී ඝාතනය කර නෑනාට තුවාල කළේ යැයි වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට මරණ දඩුවම ලබා දෙන ලෙසට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද ( 06) දින නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම වූයේ මත්තමගොඩ කොටියාකුඹුර පදිංචි සෙයියදු නජුමුදීන් මව්ලානා (62) නමැති ව්‍යාපාරිකයෙකුටය.
හම්බන්තොට තංගල්ලේ සිට මත්තගොඩට පැමිණ, ඝාතනය වූ ෂයිම් උම්මා නසීම් (58) යන අයගේ දියණිය සමග විවාහ වී මිටර් සියයක් පමණ දුරින් නිවසක් තනාගෙන බිරිඳ හා දරුවන් සමඟ ජීවත්ව ඇත.
එසේ සිටියදී නිතර නැන්දම්මා සහ බිරිදගේ සහෝදර සහෝදරියන් සමඟ අඬදබර වී ඇති බවත් 2013 අප්‍රේල් 22, හෝ ඊට ආසන්න දිනකදී රාත්‍රී ඇති වූ ආරවුලකදී විත්තිකරු පොරවක් රැගෙනවිත් නිවස ඉදිරියේ නවතා තිබූ වෑන් රථවලට පහරදෙමින් සිටියේ දි පොරෝතලය ගැලවී වැන් රථයක් තුළට වැටී ඇත.
ඒ සමගම එහි පැමිණි නැන්දම්මාට හිසට පහරදී එහි සිටි බිරිදගේ නැගණියටද පහරදීම නිසා තුවාල ලැබූ දෙදෙනා කරවනැල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර නැන්දම්මා මියගොස් ඇති බව අධිකරණයේ දී කියවිණි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය හා මරණ පරික්ෂණය අවිස්සාවේල්ල රෝහලේ දී පැවැතිණි.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලගු නොවන විභාගයෙන් පසුව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැන්දම්මා ඝාතනය කළැයි බෑනාට මරණ දඬුවම