(නිමල කොඩිතුවක්කු)
නාගොඩ - තෙඹුවන මාර්ගය සංවර්ධනය කිරීම හා බෝඹුවල නගරය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කිරිම සහ කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(19) පෙරවරුවේ සිදුකෙරිණ.
 
මෙම කටයුතු වලින් අනතුරුව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලද නිරත විය.
 
බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරස්ථානයේ විහාරාධිපති හල්වතුරේ අස්සජි හිමිගේ මූළිකත්වයෙන් මෙම කටයුතු සිදුකෙරිණි.
 
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් විජේමාන්න, එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් පින්නගොඩ විතාන, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග යන මහත්වරු ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.