IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


නව ව්‍යවස්ථාව සම්බන්ධ නඩුව සමථයකට පත්කර ගැනීමට අවසර

(උපාලි ආනන්ද)

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට හිතවත් නිලධාරීන් පත්කර ගැනීමේ අරමුණින් වංචනිකව  නව ව්‍යවස්ථාවක්  සකස් කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව සමථයකට පත්කර ගැනීමට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ  විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක  මහතා මෙම නඩුවේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.

උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු තනතුරට බදවා ගැනීම සදහා සැකසූ බව කියන නීති විරෝධී  ව්‍යාවස්ථාව සංශෝධනය කරන බවට මෙම නඩුවේ වගඋත්තරකාර රාජ්‍ය  නිලධාරීන් අධිකරණයට  දුන් පොරොන්දුවෙන්  අනතුරුව නඩුව සමථ කර ගැනීමට මෙලෙස අධිකරණයේ අවසරය හිමි විය

උතුරු මැද පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වන එමි.එස්.චන්ද්‍රසේකර ,එමි.එමි.පී කුමාර ඒ. ජී. ඒ. ඞී. කේ. නවරත්න, බී. ජී. සී. පුෂ්ප කුමාරි, ආර්. ඒ. ආර්. ඉෂාන්ති, බී. එල්. එන්. උදය කුමාර, අයි. එචි. නිරෝධා, යූ.ඒ.සී.අතුල කුමාර සහ බී. එස්. නිමල් යන මහත්වරුන් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය  මෙම   පෙත්සම ගොනු කර තිබිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා  උතුරු මැද  ප‍්‍රධාන ලේකම් එචි. එමි. පී. බංඩාර, පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් එචි. වී විමලසිරි එහි සභාපති එස්. ජී. එමි. සී. කේ. සෙනවිරත්න, උතුරු මැද පළාත් ආදායම් කොමසාරිස් ආර්. එස්. සමරනායක, ජ්‍යෙෂ්ඨ බදු නිළධාරීන් වන එන්.එමි.නලීන් ගුනරත්න සහ එමි.පී.ප‍්‍රියන්ති කේතකී විජයලතා සහ ඩබි. බී. ලලිත් කුමාර  යන මහත්ම මහත්මීහූ ඇතුළු 13 දෙනෙකු එහි  වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා  මුල් අවස්ථාවේ සඳහන් කලේ  උතුරු මැද පළාත් ආදායම් දෙපාර්තෙමින්තුවේ  තක්සේරුකරු තනතුරට සුදුසු නිළධාරීන් බඳවා ගැනීම  සදහා  පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ කාර්ය පටිපාටියක් ද ආයතන සංග‍්‍රහයේ නිතිමය ක‍්‍රමවේදයක් ද ඉතා පැහැදිලිව පවතින බවයි.

වගඋත්තරකරුවන්ගේ මෙම ක‍්‍රියාව මුළුමනින්ම නීතියට පටහැනි බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥ විජේරත්න මහතා වගඋත්තකරුවන් ගෙන ඇති මෙම නීතිවිරෝධි තීරණය බල රහිත  කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් අයැද තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා පෙනී සිටි අතර   වගඋත්තරකරුවන් වෙනුවෙන්  නීතිඥ ආනන්ද පේ‍්‍රමරත්න නීතිඥ ධනුෂ්ක දහම්පත් යන මහත්වරුන් සමඟ උතුරු මැද පළාත් සභාවේ නීති නිලධාරිනි ප‍්‍රීති මුණසිංහ මහත්මිගේ පෙනී සිටියාය.



අදහස් (0)

නව ව්‍යවස්ථාව සම්බන්ධ නඩුව සමථයකට පත්කර ගැනීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site