(නිමල කොඩිතුවක්කු)
ධීවර රැකියාව සඳහා යන සියලු ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ මුහුදු යන ධීවරයින්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලු ධීවරයින් මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවත් ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද(22) පැවති සාකච්ඡාවක දී ඔහු මෙසේ පැවසීය.
පැවති කාලගුණ තත්වයට මැදිව ජාත්‍යන්තර මුහුදු ප‍්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කළ ධීවරයින්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බලන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයට මැදිව සිටි බහුදින ධීවර යාත‍්‍රා 20 ක් මේ වනවිට මාලදිවයින් මුහුදු ප‍්‍රදේශයට යොමුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd