(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

දෙවැනි බිරියගේ  අත් දෙකට පිහියෙන් ඇන  බරපතල තුවාල කළ බව කියන සැමියෙකු ලබන  මස  6 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (29) දා  නියෝග කළේය.

බලන්ගොඩ ගැටඅරලුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.එම කාන්තාව බරපතල තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරැකර යවා ඇතැයි පොලිසිය පවසයි.

 මොහුගේ පළමු බිරිඳ  මිට  වසර කිහිපයකට පෙර ඝාතනය කර ඇති  අතර  ඒ  සමිබන්දයෙන් මොහු සිර දඩුවම්  ලැබු පුද්ගලයෙකි . සැකකරු   තම දෙවැනි  බිරිඳගේ අත් දෙකට මෙලෙස පිහියෙන් ඇන ඇති අතර  පසුව 119   පොලිස් හදිසි දුරකතන අංකයට ලැබුණු ඇමතුමක් මත  බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කළහ.