(ඩබ්.ඒ.පියතිලක)
හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදී දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
පොදුජන පෙරමුණේ ජයග්‍රාහණය වෙනුවෙන් කිරි ඉතිරවීම සඳහා සුදානම් වෙමින් සිටිය දී එක්සත් ජාතික පක්ෂයට අයත් පිරිසක් මෙම පිරිසට පහර දී ඇති බව පහර කෑමට ලක් වු පිරිස පවසති.
මෙම පහර දීම හේතුවෙන් පස්දෙනෙකු තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රෝගීන්ගෙන් සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති අතර එක් අයෙකු හිඟුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
පහරදීම හේතුවෙන් ත්‍රීවිල් රථයකට ද අලාභ හානි සිදු කර ඇති අතර මෙම පහරදීම සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හිගුරක්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 5 ක් රෝහලේ