IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙදරු පියාගේ සිරුර සිංගිමලේ රක්ෂිතයෙන් හමුවෙයි

(රංජිත් රාජපක්ෂ)                          

සිංගිමලේ රක්ෂිතයේ දර සෙවිමට ගිය දෙදරු පියාගේ සිරුර එම රක්ෂිතයේ නැගෙනහිර මායිමේ  තිබි අද  (12) සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ රක්ෂිතයේ තිබි සොයාගනු ලැබුවේ හැටන් පොලිස් වසමට අයත් කොටගල ඇන්තොනිමලේ කේ.ජි.කේ කොටසේ  පදිංචි එම්.මහෙෂ්වරන් නැමති දෙදරු පියාගේ සිරුර බව පොලීසිය කියයි.

මරණකරු (11) දින උදැසන 11ට පමණ දර සෙවිමට යන බව පවසමින් නිවසින් පිටව ගොස් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමට ඇතුල් වි ඇති අතර , දර සෙවිමට ගිය දෙදරු පියා ආපසු නොපැමිණි නිසා එම වතු යායේ වතු කම්කරුවන් (11) දින රාත්‍රියේ සිට (12) දින අලුයම තෙක් පොලිසිය සමග එක් වි මෙහෙයුමක්ද කර තිබුණි.

(12) දින අලුයම දර සෙවිමට ගිය දෙදරු පියාගේ සිරුර දර මිටියත් සමග රක්ෂිතයේ තිබි හමු වි ඇත. මිය ගිය දෙදරු පියාට අපස්මාරය රෝගයෙන්ද පෙලුණු අයෙකු බව පවුලේ ඥාතින් පවසයි. මරණය සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
 



අදහස් (0)

දෙදරු පියාගේ සිරුර සිංගිමලේ රක්ෂිතයෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site