(රංජිත් රාජපක්ෂ)
සිංගිමලේ රක්ෂිතයේ දර සෙවිමට ගිය දෙදරු පියාගේ සිරුර එම රක්ෂිතයේ නැගෙනහිර මායිමේ තිබි අද (12) සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ රක්ෂිතයේ තිබි සොයාගනු ලැබුවේ හැටන් පොලිස් වසමට අයත් කොටගල ඇන්තොනිමලේ කේ.ජි.කේ කොටසේ පදිංචි එම්.මහෙෂ්වරන් නැමති දෙදරු පියාගේ සිරුර බව පොලීසිය කියයි.
මරණකරු (11) දින උදැසන 11ට පමණ දර සෙවිමට යන බව පවසමින් නිවසින් පිටව ගොස් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මායිමට ඇතුල් වි ඇති අතර , දර සෙවිමට ගිය දෙදරු පියා ආපසු නොපැමිණි නිසා එම වතු යායේ වතු කම්කරුවන් (11) දින රාත්‍රියේ සිට (12) දින අලුයම තෙක් පොලිසිය සමග එක් වි මෙහෙයුමක්ද කර තිබුණි.
(12) දින අලුයම දර සෙවිමට ගිය දෙදරු පියාගේ සිරුර දර මිටියත් සමග රක්ෂිතයේ තිබි හමු වි ඇත. මිය ගිය දෙදරු පියාට අපස්මාරය රෝගයෙන්ද පෙලුණු අයෙකු බව පවුලේ ඥාතින් පවසයි. මරණය සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd