
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මිනුවන්ගොඩ බිංගෙය අසළදි අද (3) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ මන්දගාමි දුම්රියේ හැපී මෙසේ මියගොස් ඇති තරුණයා තවලම හබරකඩ පිටිගල පාර ලිපිනයේ පැතුම් පුෂ්ප වික්‍රමසිංහ නමැති 20 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ පාඨමාලාවක් හදාරන ලද කාඩ්පතක් ද ඔහුගේ සාක්කුවේ තිබු බවද පොලිසිය පවසයි.
දුම්රිය නියාමක විසින් මළ සිරුර කටුගොඩ දුම්රිය ස්ථානයට බාරදී ඇති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd