
(එම්. සුසිල් ප්‍රියන්ත)
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළ ආසන්නයේදි අද (30) අයෙකු දුම්රියේ ගැටී මරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ කාරියවසම් ගෝනාපිනුවල ගමගේ ගාමිණි නමැති 59 හැවිරිදි දෙදරු පියෙකු බවද පොලීසිය කියයි.
වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියේ ඔහු ගැටී ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd