IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම්

(රංජිත් රාජපක්ෂ)                       

කොවිඩ්-19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග එළඹෙන දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ පදික වෙළදාම්, ජංගම ව්‍යාපාර, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට වෙළදාම් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ අද (23) පැවති මාසික සභා රැස්වීමේදි තීරණය කෙරිණි.
 
හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම එම නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශාලාවේදි පැවැත්විණි.
 
සෑම වසරකම දීපාවලි උත්සව සමයේ හැටන් දික්ඔය නගර සභා සීමාවේ, පිටතින් පැමිණෙන ව්‍යාපාරිකයන්ට සහ හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට හැටන් නගරය තුළ පදික වෙළඳාම සඳහා තාවකාලිකව ඉඩම් කැබලි ලබාදීමෙන් නගර සභාවට වාර්ෂිකව රුපියල් ලක්ෂ 65 ක පමණ මුදලක් ලැබී තිබුණි.
 
2020 වසරේ දිපාවලි උත්සවය නොවැම්බර් 14 දිනට යෙදී ඇත. දීපාවලි උත්සව සමයේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින වතුකරයේ විශාල පිරිසක් තම නිවාස වලට පැමිණෙන බවත්, ඔවුන් දීපාවලි උත්සව දිනයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවලට පැමිණෙන බවත්, දීපාවලි උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන ලෙසත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහාගෙන් ඉල්ලීමක් කිරීමටද මාසික සභා රැස්වීමේදි සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව පළ විය.
 
තවද හැටන් නගරයේ මාළු වෙළදසැල්වලට පසුගිය දින කිහිපය තුල පෑලියගොඩ මාළු වෙළඳපොළින් මාළු තොග වශයෙන් මිලදී රැගෙනවිත් අලෙවි කරන බවට හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇති බැවින්, එම වෙළඳසැල් වසා දමා ඒවායේ සේවය කරන සේවකයින් පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමටද මාසික සභා රැස්වීමේදි ඒකමතිකව තීරණය විය.



අදහස් (0)

දීපවාලි සමයේදී හැටන් පදික වෙළදාම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site