IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දියණියට වද හිංසා කළ පියා - කුඩම්මා තවදුරටත් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

නව හැවිරිදි  තම දියණියට  දෙවන විවාහයේ බිරිඳ සමඟ එක්ව පහරදි තුවාල සිදුකර අත් පා ගැට ගසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට උණු වතුර දමා බර පතල තුවාල සිදුකර  මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද  දැරියගේ පියා සහ ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ 27 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස  ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (13) නියෝග කළාය.

දැරිය රුපියල් පන් ලක්ෂයක බැඳුම්කරයක් මත මවට භාර දීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉමදූව ගෝනන්වල පදිංචි මතිස් ප්‍රසන්න නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු සහ රංජුලා අනුරාධා නැමැති 24 හැවිරිදි කාන්තාවකි.

මෙම සැකකරු සහ සැකකාරිය පසුගිය 31 වනදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ සැකකරුගේ පළමු බිරිඳ පවුල් ඇති වූ ආරවුලක් හේතුවෙන් දියණියද රැගෙන ඌරුබොක්ක ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට ගොස් ඇති අතර පසුව සැකකරු මෙම සැකකාරිය සමඟ විවාහ වී ඇති බවය.

එම විවාහයෙන්ද ඔවුනට ළමයෙකු ලැබි ඇති අතර සැකකරු ඌරුබොක්ක පිහිටි පළමු විවාහයේ බිරිඳගේ නිවසට ගොස් මෙයට මාස කිහිපයකට පෙර  දියණිය බලෙන් රැගෙනවිත් ඇති බවත් මේ අතර ඇයගේ මව දියණිය ඉල්ලා සැකකරුට නිතර නිතර දුරකතන ඇමතුම් ලබාදී ඇති බවත් පොලිසිය කියා සිටියේය.

ඒ අනුව දියණිය ගෙන යාමට එන ලෙස මවට කරන ලද දැන්වීමක් අනුව මව ඉකුත් 30 වැනිදා ඉමදුව කෝදාගොඩ හන්දියට පැමිණ සිටියදි සැකකරු දියණිය ත්‍රී රෝද රථයකින් එම ස්ථානයට රගෙනවිත් ඇති බවත් දියණිගේ තත්වය  දුටු මව සිහිසුන්ව ඇති බවත් පසුව පොලිසියට දන්වා දැරිය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහලට ගොස් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

ඇයගේ සිරුරේ කැපුම් තුවාල පහරදීම් තුවාලද පරණ තුවාල කැළැල්ද තිබූ බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

 

 

 

 



අදහස් (2)

දියණියට වද හිංසා කළ පියා - කුඩම්මා තවදුරටත් රිමාන්ඩ්

lalithm Friday, 14 February 2020 02:59 AM

ඔය කියන විදියට තාත්ත වෙන්න බැහැ. අර කුඩම්මත් ගැහැණියෙක් වෙන්න බැහැ. නැතිනම් මානසික ලෙඩ්ඩු. හිරේ දමනවාට වඩා හොඳයි දෙන්නම පිස්සන් කොටුවට යවන එක. අපරාදේ මරණීය දණ්ඩනය අපේ රටේ නැති එක.

:       7       31

sharm warn Friday, 14 February 2020 05:27 AM

මෙවැනි සිදුවීම් වලදී බොහෝ වෙලාවට පොලිසියත් තාත්තගේ සහය ට කටයුතු කර ඇති බව අනාවරණය වෙනවා. නිකවැරටියේ සිද්ධියේදීත් ඒ බව පෙනුනා. ඇත්තට ම මේ සතුන් දෙදෙනා මානසික රෝහලට අනිවාර්යයෙන් යවන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site