(ටෝනි කරුණානායක)
පොලිස් උපාය දුතයෙකුගෙන් රුපියල් 3000 ක් ලබා ගෙන කාමරයක් සමඟ කාන්තාවක් ලබාදුන් හෝටලයක හිමිකරුවෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (02) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කාමර කුලියට ලබා දෙන හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම සඳහා කළමනාකරු ලෙස කටයුතු කිරීම මත එක් කාන්තාවක් ද ගණිකා සේවයේ යෙදවීම සඳහා හෝටලය තුළ රැඳී සිටිම යන චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කර තිබුණි.
සැකකාරියන් තිදෙනාව එක් අයෙකුව රුපියල් 50000 ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කළ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා සැප්තැම්බර් මස 08 වැනිදා අධිකරණ හමුවේ පෙනි සිටින ලෙසද සැකකාරියන් තිදෙදෙනාට නියම කළේය.
සැකකාරියන් තිදෙනාව දික්කන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ දී අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාරියන් තිදෙනා දික්කන්ද පොලොන්නරුව සහ කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකාරියන් වන බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දික්කන්දේ ගණිකා ජාවාරමක් වටලයි - තිදෙනෙක් අත්අඩංගුවට