(ටෝනි කරුණානායක)
පොලිස් උපාය දුතයෙකුගෙන් රුපියල් 3000 ක් ලබා ගෙන කාමරයක් සමඟ කාන්තාවක් ලබාදුන් හෝටලයක හිමිකරුවෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (02) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කාමර කුලියට ලබා දෙන හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම සඳහා කළමනාකරු ලෙස කටයුතු කිරීම මත එක් කාන්තාවක් ද ගණිකා සේවයේ යෙදවීම සඳහා හෝටලය තුළ රැඳී සිටිම යන චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකුද මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කර තිබුණි.
සැකකාරියන් තිදෙනාව එක් අයෙකුව රුපියල් 50000 ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට නියම කළ ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්. මහේන්ද්‍ර රාජා මහතා සැප්තැම්බර් මස 08 වැනිදා අධිකරණ හමුවේ පෙනි සිටින ලෙසද සැකකාරියන් තිදෙදෙනාට නියම කළේය.
සැකකාරියන් තිදෙනාව දික්කන්ද ප්‍රදේශයේ හෝටලයක් තුළ දී අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාරියන් තිදෙනා දික්කන්ද පොලොන්නරුව සහ කැලණිය යන ප්‍රදේශ වල පදිංචිකාරියන් වන බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd