(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල දික්අරාව රක්ෂිතයේ අද (6) අලුයම ඇතිවූ ගින්නකින් අක්කර දහහක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හා සුළං හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සදහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
මෙම රක්ෂිතයට ගිනි තැබීම නිසා එහි තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් ගින්නට හසුවීමෙන් විනාශවන්නට ඇතයි ප‍්‍රදේශවාසීහු කියති.
බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd