IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 10 ක් හිරේට

(දිලීප් ජයසේකර)

වීරකැටිය වෑකදවල නිවසකට ඇතුළු වි වයස අවුරුදු 09ක දැරියක කෙලෙසු 52 හැවිරිදි පුද්ගලයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 5000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දි මුදලක්ද ගෙවන ලෙස තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද  (22) නියෝග කළේය.
 
මෙලෙස සිර දඩුවම් නියම වුයේ වීරකැටිය,මොරයාය, වෑකදවල පදිංචි වර්ෂමානගේ ජයවීර නොහොත් චන්ඩි සියා නැමති 52 හැවිරිදි පුද්ගලයෙකුටය.
 
සැකකාර පුද්ගලයා 2013-09-13 වන දින අසල්වැසි නිවසකට ඇතුළු වි නිවසේ කුස්සියේ සිටි වයස අවුරුදු 09ක දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
 
පසුව දැරියගේ මව විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් වීරකැටිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.එහිදි පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
 
එහිදී පැවති නඩු විභාගය අවසානයේ සැකකරු අදාල චෝදනාවට වැරදි කරු බවට පත් විය.
 
ඒ අනුව සැකකරුට වසර 10ක බරවැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 5000ක දඩ මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල නොගෙවන්නේ නම් වසර 10ක සිර දඩුවමට අමතර තවත් මාස 06ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

මිට අමතරව අගතියට පත් වු දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් අවුරුදු 02ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.මීට අමතරව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට අනුව රුපියල් දහසක මුදලක් අධිකරණයේ තැන්පත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා සැකකරුට නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාස තුනක බර වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
 
එමෙන්ම සැකකරුට මේ හා සමානම තවත් පෙර වැරුද්දක්ද පැවතීම හේතුවෙන් ඉහත සදහන් සියලු  දඩ ,සිරදඩුවම් හා වන්දි වලට අමතරව රුපියල් 25000ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසරක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
 
මිට අමතරව දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් ඊට අදාල සිර දඩුවම් මුලික වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවම් කාලය අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුණි.
 
නීතිපති වරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරන්න මහතා පැමිණිල්ල මෙහෙය වු අතර විත්තිය  වෙනුවෙන් නිතිඥ මනෝරි මහත්මිය සමගින් සුජිත් ප්‍රසන්න ලියනාරච්චි මහතා පෙනී සිටියේය.



අදහස් (0)

දැරියක අපයෝජනය කළ පුද්ගලයෙක් වසර 10 ක් හිරේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site