IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දඹදෙනිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක්

(හේමලතා ඩී හේවගේ)                           


දඹදෙනිය මුලික රෝහලේ සියළු කාර්ය  මණ්ඩලය අද (29) රාජකාරී කටයුතුවලින් බැහැරවී රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරතවූහ.

දඹදෙනිය මූලික රෝහලට අද (29) කැපුම් තුවාල සහිතව පැමිණි පුද්ගලයෙකු හට ප්‍රථිකාර කිරීම පමාවූ බව පවසමින් ඔහු සමග එහි පැමිණි පිරිසක් රෝහලේ ආරක්ෂක නිළධාරියෙකුට පහරදී තුවාල සිදුකර වෛද්‍යවරුන්ට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස කියමින්  ඔවුහු විරෝධතාවේ නිරත වුහ.                                                                 

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ඒ පී සමරකෝන් මහතා ඇතුඵ පොලිස් නිළධාරීන් විසින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 ක් හොරොම්බාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියහ.                                                                                                                                                             

මෙම සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සිටින බවත් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය පවසයි.       

       



අදහස් (0)

දඹදෙනිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site