(එස්. ඩී. කොඩිකාර)
 
තේ, කුරුඳු සහ ගම්මිරිස්වල  මිල  වහා ඉහළ දමන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක්  අද (22)  මොරවක බස් නැවතුම්පොළ ඉදිරිපිටදී  විරෝධතාවයක  නියැලුණහ.

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. 

කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා  මෙසේ පැවසීය.

“මේ වන විට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 60 - 70 දක්වා මිල පහත බැස තිබෙනවා.  ගොවියට පොහොර සහනාධාර කලට වෙලාවට   විධිමත් ආකාරයකට ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින්. දැනට එකතු කරන සෙස් බද්ද 2000 වර්ෂයේ සිට ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදල අරගෙන නාස්ති කරනවා. ඒ වගේම කසළ තේ  ජාවාරම කරගෙන යනවා. ඒ සඳහා රජය කිසිදු වැඩපිළිවෙළක් අරගෙන නැහැ. 

කුරුඳු ගම්මිරිස් මිල ඉතා සීග්‍රයෙන් පහළ බැසලා. ගම්මිරිස් කිලෝවක් රුපියල් 400 දක්වාත් කුරුදු කිලෝවක් රුපියල් 1200 දත්වාත් පහළ බැස තිබෙනවා. මේ රජය ගොවියා කබලෙන් ලිපට ඇද දාලා. අපි රජයට වහා බල කර කියනවා තේ, කුරුඳු, ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබා දෙන්න කියලා” යැයි ඔහු කීය.