(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන්ගෙන් අමු තේ දළු මිළදී ගන්නා වෙළෙන්දන් අමු තේ දළු ගෝනි ජලයේ දමා කර්මාන්ත ශාලා වලට සැපයීමෙන් තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමේ අවදානමක් පවතින බව තේ කර්මාන්ත ශාලා නිලධාරීහු පවසති.
තේ දළු ගෝනි වල බර වැඩි කිරීම සඳහා මෙලෙස අමු තේ දළු වලට ජලය කලවම් කරන බව එම නිලධාරීහු කියති.
මෙලෙස ජලය මිශ්‍රකර කර්මාන්ත ශාලාවට රැගෙන එන දළු වලින් ප්‍රමිතියෙන් උසස් තේ කොළ නිෂ්පාදනය කිරීමට නොහැකි බවත් මේ හේතුවෙන් තේ කොළ මිළ පහත වැටෙන බවත් එම නිලධාරීහු පවසති.
මේ හේතුවෙන් බලන්ගොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලා වැසීයාමේ අවදානමක් පවතින බැවින් මේ සම්බන්ධයෙන්කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවදානය යොමු කරන්නැයි එම නිලධාරීහු ඉල්ලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෙයක් කරනවා කියලා දන්නවා නම්, එහෙම දැන දැන ගන්නෙ නැතුව එහෙම අහු වෙන හැම තොගයක්ම ප්‍රතික්ෂේප කරන්න. ඒ සැපයුම්කරුවාත් ප්‍රතික්ෂේප කරන්න. හැම කම්හලම මේක කරනවා නම් හරි.