(ශාන්ත චන්ද්‍රසිරි)

 

තලවකැලේ, ගුණානන්දපුර ප්‍රදේශයේ මාර්ගයෙන් පහත පිහිටි නිවසක් මතට ත්‍රී රෝද  රථයක් පෙරැළී යාමෙන්  තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් ප්‍රතිකාර  සඳහා ඔහු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතළත් කර තිබේ.

වටවල ප්‍රදේශයේ සිට කුලී ගමනක් පැමිණ ඇති මෙම ත්‍රී රෝද රථයේ රියදුරාට මාර්ගය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ත්‍රී රෝද රථය පසුපසට ධාවනය වී අඩි 30 ක පමණ බෑවුමක පිහිටි නිවසක් මතට වැටී ඇති බව පොලීසිය පවසයි.

තලවකැලේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.