( ඩී.කේ.රත්න )
වැලිමඩ බොරලන්ද ප‍්‍රධාන මාර්ගයේ ගුරුතලාව කරගස්තැන්න ප‍්‍රදේශයේදී අද (18) ත‍්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක හැපී පෙරළීමෙන් තරුණයකු මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
බොරලන්ද තලහින්නාගොඩ පදිංචි ජී.ඒ.සම්පත් නැමති 19 හැවිරිදි තරුණයකු මෙම අනතුරින් මියගොස් තිබේ.
බොරලන්ද ප‍්‍රදේශයේ සිට වැලිමඩ ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෙම ත‍්‍රීරෝද රථය ඉදිරියෙන් වැලිමඩ දෙසටම ධාවනය වූ ත‍්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයෙන් ඉවට පැන වේල්ලක හැපී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් ත‍්‍රීරෝද රථයේ රියදුරු බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මියගිය තරුණයාගේ මෘත දේහය මේ වන විට දියතලාව මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්රීරෝද රථ අනතුරකින් තරුණයකු මරුට