(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය උණුදිය ළිං පුරාවිද්‍යා භූමියේ කැණීම් කර මතු කරගත් දාගැබ සංරක්ෂණය කිරීමේදී එහි හින්දු කෝවිලක් තිබූ බවට කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට දිසාපති කාර්යාලයේ අද (10) පැවැති රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා දාගැබ සංරක්ෂණය කිරීමේ කටයුතු නැවැත්වුවත් එය දිගටම නැවැත්වීමට තමන්ට බලයක් නොමැති බව දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා පැවසීය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා මෙම චෛත්‍යයේ පෞරාණික බව හා පුරාවිද්‍යා පනත ප්‍රකාරව එහි නෛතික තත්වය පැහැදිලි කර දුන්නේය.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම චෛත්‍ය අනුරාධපුර මුල් යුගයට අයත් බවත් සෙසු ඉදිකිරීම් පසුකාලීනව කළ ඒවා බවත් චෛත්‍ය සංරක්ෂණය කිරීමට නම් පසුකාලීන ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් ඒ මහතා කීය.
එහිදී හින්දු ආගමික කටයුතු හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසුවේ ඉපැරණි දාගැබ ආශ්‍රිතව තිබූ බව කියන කෝවිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බැරිනම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති හා අගමැති සමඟ සාකච්ඡා කර තමන් තීරණයක් ගන්නා බවයි.
ඉතිහාසය ආරක්ෂා කිරීමට ගොස් ජන ජීවිතය විනාශ වීමට ඉඩ නොදිය යුතු බවත්, එය හැමෝම දැකගත යුතු බවත් පවසමින් එහි වැඩ සිටි මහා සංඝරත්නය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා උණුදිය ළිං පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක ස්මාරකය සම්බන්ධයෙන් පවතින නීතිය අනුව කොළඹට ගොස් තීරණය කළද මෙහිදී තීරණය කළද එකම යැයි කීම සමඟ තීරණයකින් තොරව සභා රැස්වීම අවසන් විය.

2025 දෙසැම්බර් මස 18
496
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රි’ මලේ දාගැබ සංරක්ෂණයේ ගැටලු ගැන රැස්වීමක්
Nuwan Monday, 10 June 2019 12:48 PM
තොරෝම්බෝල් වෙළදාමේ ඇවිත් බින්න බැහැපු කට්ටිය එක පැත්තකින් රට ගිනි තියනවා අනිත් පැත්තෙන් ආක්‍රමණ විදිහට ඇවිත් පැලපදියම් උනු කට්ටිය රට කනවා.
රජින්ද Monday, 10 June 2019 01:10 PM
රටේ ප්‍රධාන ජන කොටස වන සිංහලයින් හෑල්ලුවට ලක්වෙන විට, නොසලකනවිට ඒ වේදනාව දරා සිටීම කෙතරම්නම් අභාග්‍යක්දැයි කීමට නුපුළුවන.