(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි වටවල පොලිසිය කියයි.
තුවාලකරුවන් වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පවසයි.
කොළඹ සිට තලවකැලේ ඩයගම දක්වා ධාවනය වු ත්‍රි රෝද රථයක් මෙම අනතුරට ලක්ව ඇත. රථයේ පසුපස ගමන්ගත් මගියකු සහ රියදුරු අනතුරෙන් තුවාල ලබා ඇත.
රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි වී ඇති බවත් වටවල පොලිසිය කියාසිටී.


2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරැළෙයි -දෙදෙනෙක් රෝහලේ