(සම්පත් ප්‍රියනන්දන)

ඕපනායක පේරකැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක්  ප්‍රපාතයකට පෙරැළී  අද (02) එහි ගමන්  කළ පුද්ගලයකු  මිය ගොස්  ඇති බව ඕපනායක පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බලන්ගොඩ පෙටිටිගල මාර්ගයේ  බෝම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි  45 හැවිරිදි  පුද්ගලයෙකි.
 
අනතුරින් බරපතල  තුවාල  ලැබූ ත්‍රි රෝද රථයේ රියැදුරු බලන්ගොඩ  මූලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර  සඳහා  රත්නපුර මහ රෝහල වෙත  මාරුකර  යවා ඇති බව  පොලිසිය සඳහන් කරයි.
 
ත්‍රිරෝද රථය මීටර්  50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.