(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම කිලෝ මීටර් 30 කණුව ආසන්නයේදී අද (16) ත්‍රීරෝද රථයක් අනතුරුට ලක්වීමෙන් එහි ගමන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට සාලියවැව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දරුවන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව 7 දෙනෙකු අදාළ ත්‍රි රෝද රථයේ ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් එක්ව වෙනත් වාහනයකින් තුවාලකරුවන් අලුත්ගම රෝහලට යවා තිබුණි.
එකම පවුලේ ඥාතීන් පිරිසක් රැගත් ත්‍රි රෝද රථය නොච්චියාගම ප්‍රදේශයේ සිට පුත්තලම පාලවිය ප්‍රදේශයට ගමන් කරමින් තිබියදී රියදුරුට එය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගය මැද පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd